සොයන්න

Wednesday, May 2, 2012

ළමා අධ්‍යාපනය නූතන සංකල්ප ඔස්සේ වර්ධනය කිරීම

 නූතන අධ්‍යාපනික අවශ්‍යතා 
ඉලක්ක සහගත අධ්‍යාපන අවශ්‍යතා සම්පූර්ණ කරගැනීම සදහා සකසන ලද මහත් ජන ප්‍රසාදයට පත් පොත් පෙළකි. 2007 සිට 2014 දක්වා කාලයේ ගොඩගේ ප්‍රකාශන ලෙස මුද්‍රණය කරන ලදි. 
චිත්‍ර සහ සැකසුම - සමරකෝන් පතිරාජ විසිනි. 


Tuesday, March 27, 2012

වැඩපොත් එකතුවක්

විවිධ අධ්‍යාපනික අරමුණු සාක්ෂාත් කිරීම සදහා සකස් කරන ලද වැඩපොත් පෙළකි.
2003 සිට 2007 දක්වා අතර කාලයේ ප්‍රකාශයට පත් කෙරුණි.
චිත්‍ර සහ සැකසුම සමරකෝන් පතිරාජ  - හිමිකම් කර්තෘ සතු ය.























Saturday, March 24, 2012

පාසල් දරුවන් සදහා අධ්‍යාපන පොත්

සිරිත් මල්දම 

ඇම්. ඇල්. සිල්වා ගුරු මුහන්දිරම් විසින් රචිත සිරිත් මල්දම - සරල තේරුම් සහිතය 
පාසල් සහ පිරිවෙන් සදහා - සංස්කරණය සමරකෝන් පතිරාජ
2008 ප්‍රකාශනය තරංග ප්‍රකාශන පි. 64

Saturday, March 17, 2012

Books for kids - pre-school

Let's Write Simple and Let's Write Capital

Let's write simple letters for Pre-School children  by samarakoon Pathiraja 1998
2009, Published by Godage International Publishers (pvt) Lid. Colombo, Sri Lanka
http://www.amazon.com/Write-Simple-Letters-Samarakoon-Pathiraja/dp/9553018238






















Tuesday, March 13, 2012

නිරුද්ධ සම්ප්‍රදායක් ඔස්සේ පැමිණි සිංහල මෝස්තර කලාව

සිංහල සැරසිලි මෝස්තර කලාව
1998 ගොඩගේ ප්‍රකාශනයක් ලෙස නිකුත් විය. පි.72 
පාසල් විෂය ධාරාවේ චිත්‍රකලා විෂයට අයත් සිංහල සැරසිලි මෝස්තර පිළිබද රූප සටහන් මගින් විස්තර කළ කෘතියකි.

 

සිංහල සැරසිලි මෝස්තර කලාව නිරුද්ධ සම්ප්‍රදායක් වන්නේ ඇයි?

ජන ජීවිතය වඩාත් ප්‍රකෘති වන විට ස්වභාවය පිළිබද මිනිසාගේ පරිකල්පනය දියුණු වෙනවා. නිදහස මනසට ලැබෙන්නේ ඉන්ද්‍රිය ගෝචර ප්‍රත්‍යක්ෂයන් නිසයි. මේ නිදහස සියළු ආශාවන් සම්පූර්ණ කර ගැනීමට යොදාගන්න තමයි මිනිසා කැමති. මෙතන ද්වන්ධයක් තිබෙනවා බලපෑම් සහ සිරකිරීම් මගින් මනස සන්සුන් වන්නේ නැහැ. කලාව යනු උපාය මාර්ගිකව සමාජය වෙනස් කිරීමට, චාරිත්‍ර වාරිත්‍ර සම්ප්‍රදායයන් පවත්වාගැනීමට දායක කර ගැනීමත් පසු කාලීනව හානිදායක විය හැකියි. සැම විටම කලාවක් ගොඩ නැගෙන්නේ ඊට අනන්‍ය මතවාද, විශ්වාස, ඇදහීම් පදනම් කරගෙන. ස්වභාවයෙන් මිදුනු නිසා සිංහල සැරසිලි මෝස්තර අප හදුන්වන්නේ නිරුද්ධ කලාවක් වශයෙන්. බොහෝ වෙලාවට අභව්‍ය දේවල් මෙහි දක්නට ලැබෙනවා. සමහර විට ලෝකයේ නොපවතින දේ. මේ ආකාරයට නිරුද්ධ වීමේ ආනිසංස කාලයකට පසු ඒවා විශ්වාස කළ සහ පවත්වාගෙන යන අයටම ලැබෙයි. මානවයාගේ ඉන්ද්‍රියයන් නම්‍යශීලී වීමටත් වඩාත් කෲර වීමටත් මතවාද දායක වෙනව‍ා. සිංහල සැරසිලි මෝස්තර නිරුද්ධ වුණත් ඒවා සියුම් සහ යම් නම්‍යශීලී කලාවක් මගින් සන්සුන් වී තිබෙනවා. ඒක කලාවක් කීවට ඇත්තමට ඒක දෘෂ්ටිවාදයක්. එය තමයි බෞද්ධ දෘෂ්ටිවාදයේ කලාත්මක හරය. නිතර දකින නොහොබිනා දෙයින් ඇස් ඉවත් කරගැනීමටත්, ඒවාහි පළ විපාක කියා දීමටත් මේ නිරුද්ධ චිත්‍ර සම්ප්‍රදාය සමත් වෙනවා.

Saturday, March 10, 2012

1997 වැඩ පොත්

1997 වසරේදී ගොඩගේ ප්‍රකාශ‍කයෝ විසින් මුද්‍රණය කරන ලද වැඩ පොත් එකතුවකි.

''ළමා අධ්‍යාපනය ගැන නව දෘෂ්ටියකින් බැලීමක් මෙම පොත් මගින් සිදුවී ඇතැයි කිය යුතුය. පෙර පාසල් වයසේ දරුවන්ට අවට ලෝකයේ තිබෙන මෙවලම්, ගහ කොළ, සතුන් ආදී දෑ සම්බන්ධව චිත්‍ර මගින් ලබා දීමට කතුවරයා සමත් ව ඇත." 
බී.ඒ. ටෙනිසන් පෙරේරා, ජ්‍යෙෂ්ඨ තථිකාචාර්ය, සමාජ විද්‍යා හා මානව විද්‍යා අධ්‍යනාංශය, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය.  





















1997 ළමා කතා

දෙසැම්බර් රජ්ජුරුවෝ  

1997 දෙසැම්බර් රජ්ජුරුවෝ - කතාව සහ චිත්‍ර සමරකෝන් පතිරාජ - 2001 මුද්‍රණය - සංහිද

නපුරු කුඩම්ම මේ හොදටම සීත කාලෙ මෙහෙම කිව්වා. ''උඹව මේ ගෙදර ඇතුළට ගන්නෙ නෑ! එළියට දාල දොර වහනව, එතකොට නපුරු වෘකයෝ ඇවිත් උඹව කාල දමාවි." පි.7