1998 ගොඩගේ ප්‍රකාශනයක් ලෙස නිකුත් විය. පි.72
පාසල් විෂය ධාරාවේ චිත්‍රකලා විෂයට අයත් සිංහල සැරසිලි මෝස්තර පිළිබද රූප සටහන් මගින් විස්තර කළ කෘතියකි.
සිංහල සැරසිලි මෝස්තර කලාව නිරුද්ධ සම්ප්‍රදායක් වන්නේ ඇයි?
ජන ජීවිතය වඩාත් ප්‍රකෘති වන විට ස්වභාවය පිළිබද මිනිසාගේ පරිකල්පනය දියුණු වෙනවා. නිදහස මනසට ලැබෙන්නේ ඉන්ද්‍රිය ගෝචර ප්‍රත්‍යක්ෂයන් නිසයි. මේ නිදහස සියළු ආශාවන් සම්පූර්ණ කර ගැනීමට යොදාගන්න තමයි මිනිසා කැමති. මෙතන ද්වන්ධයක් තිබෙනවා බලපෑම් සහ සිරකිරීම් මගින් මනස සන්සුන් වන්නේ නැහැ. කලාව යනු උපාය මාර්ගිකව සමාජය වෙනස් කිරීමට, චාරිත්‍ර වාරිත්‍ර සම්ප්‍රදායයන් පවත්වාගැනීමට දායක කර ගැනීමත් පසු කාලීනව හානිදායක විය හැකියි. සැම විටම කලාවක් ගොඩ නැගෙන්නේ ඊට අනන්‍ය මතවාද, විශ්වාස, ඇදහීම් පදනම් කරගෙන. ස්වභාවයෙන් මිදුනු නිසා සිංහල සැරසිලි මෝස්තර අප හදුන්වන්නේ නිරුද්ධ කලාවක් වශයෙන්. බොහෝ වෙලාවට අභව්‍ය දේවල් මෙහි දක්නට ලැබෙනවා. සමහර විට ලෝකයේ නොපවතින දේ. මේ ආකාරයට නිරුද්ධ වීමේ ආනිසංස කාලයකට පසු ඒවා විශ්වාස කළ සහ පවත්වාගෙන යන අයටම ලැබෙයි. මානවයාගේ ඉන්ද්‍රියයන් නම්‍යශීලී වීමටත් වඩාත් කෲර වීමටත් මතවාද දායක වෙනවා. සිංහල සැරසිලි මෝස්තර නිරුද්ධ වුණත් ඒවා සියුම් සහ යම් නම්‍යශීලී කලාවක් මගින් සන්සුන් වී තිබෙනවා. ඒක කලාවක් කීවට ඇත්තමට ඒක දෘෂ්ටිවාදයක්. එය තමයි බෞද්ධ දෘෂ්ටිවාදයේ කලාත්මක හරය. නිතර දකින නොහොබිනා දෙයින් ඇස් ඉවත් කරගැනීමටත්, ඒවාහි පළ විපාක කියා දීමටත් මේ නිරුද්ධ චිත්‍ර සම්ප්‍රදාය සමත් වෙනවා.
මිනිසා කුමන ආකාරයක මතවාදයක් වුණත් අවස්ථාවාදයට නතු කරගනු ලබනවා. මුළු ජීවිත කාලෙම පැණි කන්න කෙනෙක් කැමති වුණත් තිත්ත ප්‍රතික්ෂේප කරනවා. නමුත් හොද දේ තිත්ත බව මිනිසා අවිඥානිකව දන්නවා. නරක දෙය මිහිරියි. මිහිර විදීම තමයි ස්වභාවය කියන මතයක් සමාජය අතර පවතිනවා. නමුත් එය වැරදියි. එහෙම දෙයක් ස්වභාවයට අයත් නෑ. මතවාද ගණනාවක් මෙතන පැටලී තිබෙනවා. එකක් ථේරවාදයට අයත් නිරාමිස ප්‍රීතිය. අනෙක මහායානය විසින් ඉදිරිපත් කරන බවට ලංකාවේ දැනට පැතිර ඇති වැරදි මතයක් වන කාමභෝගය මගින් සිහිබුද්ධිය ලැබෙනවා කියන මතය. අප කාලයක පටන් ශුන්‍යවාදය ගැන උනන්දු වී තිබෙන නිසා මේ ව්‍යාකූලභාවය තුරන් කිරීමට අවශ්‍ය දත්ත බොහෝ තිබෙනවා. මේ වචන වල ඇති හරයන් වැරදියට යොදා ගැනීම අශෝබන දෙයක් බව කිව යුතුයි. එක පැත්තකින් නිරාමිස ප්‍රීතියත්, අනෙක් පසින් ස්භාවික ප්‍රීතියත් වැරදියට යොදාගන්නේ මන්ද වැටහීමක් ඇති අයයි. කාමරාගය කියවීමට. නැරඹීමට සහ ඒ ඔස්සේ ක්‍රියාත්මක වීමට මානවයා තුළ පවතින නිරායාසික කැමැත්ත දාර්ශනික ලෙස යොදාගත් අය කලාත්මක ලෝකයට අයත් වන්නේ නැහැ. මෙම පසුගාමී තත්ත්වයන් වෙනස් කිරීමට නොහැකි කිරීම වඩාත් අසීරු වන තරමට අද සියල්ල රොඩුබොඩුවලින් වැසී ගිහින්. අද දිවයිනම මෝඩයන්ගෙන් වැසී ගිහින් තිබෙනවා.
(සමරකෝන් පතිරාජ - කලාත්මක සමාජයේ දාර්ශනික පරිහානිය පි. 98)